ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2012-07-17

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ 2012 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව

(ii) 2011 වර්ෂය සඳහා මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ
(iii) 2011 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ කාර්යාලයේ
(iv) 2009 වර්ෂය සඳහා කාෂිකර්ම දෙපාර්තමේන්‍තුවේ

වාර්ෂික කාර්යසාධන වාර්තා


(v) 2009 සහ 2010 වර්ෂ සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ
(vi) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ
(vii) 2010 වර්ෂය සඳහා සී/ස ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ

වාර්ෂික වාර්තා


(viii) 2008, 2009 සහ 2010 වර්ෂ සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ (නාරා) වාර්ෂික වාර්තා සහ ගිණුම්


පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගරු අනෝමා ගමගේ මහත්මිය විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2012 මැයි 22 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත යට‍තේ තීරණය

සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"යාපනය, මුලතිව්, මන්නාරම සහ ත්‍රිකුණාමලයේ නැවත පදිංචි කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඒ. විනායගමූර්ති මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1931 ට 2012 ජූලි මස 18 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි