සභාවේ කටයුතු |
දිනය : | 2012-06-08 |
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2008 සහ 2009 වර්ෂ සඳහා පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තා
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කරන ලදී. පහත සඳහන් යෝජනා සම්මත විය:-
පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා ක්‍රියාත්මක කිරීම
පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා ඵලදායී ක්‍රමයක් වන අයුරින්, ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු වසරක් තුල විවාදයට භාජනය කළ යුතු බවත්, ඒවා සභා සම්මත වුවහොත්, හය මාසයක් තුළ අමාත්‍ය මණ්ඩලය විසින් ද අනුමත කළ යුතු බවත් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ක්‍රීඩාව තුළින් නිරෝගීමත් සමාජයක් නිර්මාණය කිරීම
ළමා අවධියේදීම දරුවන් ක්‍රීඩාවට යොමු කිරීම තුළින් නිරෝගීමත් සමාජයක් බිහිකිරීමටත්, සහජ කුසලතා ඇති දරුවන් ජාත්‍යන්තර තලයට යොමු කිරීමටත්, ලොව සුපතල ක්‍රීඩකයින් බිහි කර රටට කීර්තියක් ලබා ගැනීමටත් හැකිවන පරිදි ජාති භේදයෙන් පන්ති භේදයෙන් තොරවූ සාධාරණ ක්‍රමවේදයක් රාජ්‍ය මට්ටමින් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා සාමවිනිසුරු පත්වීම් ලබා දීම
දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් මුදල් සහ වරප්‍රසාද අපේක්ෂාවෙන් තොරව ඔවුන්ගෙන් සමාජයට ඉටුවිය යුතු සමාජ වගකීමක් ලෙස සලකා විශේෂයෙන් ග්‍රාමීය ජනතාවට විශාල සේවාවක් ඉටු කරනු ලබන බැවින් එම සේවාවට ගරු කිරීමක් ලෙස ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී ඇති සියලුම දෙනාට සාමවිනිසුරු පදවි ලබා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
පහත සඳහන් යෝජනාව අහෝසි විය:-
ශ්‍රී ලංකාවේ වටිනා ස්වභාවික සම්පත් හා ඒ ආශ්‍රිත ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා විධිමත්, විද්‍යාත්මක සැලැස්මක් ක්‍රියාත්මක කිරීම
ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම වටිනා ස්වාභාවික සම්පත් ලෙස සැලකෙන සිංහරාජ වනාන්තරය, කන්නෙලිය රක්ෂිත වනාන්තරය, රූමස්සල කන්ද, කොග්ගල ඔය දූපත් හා කඩොලාන පද්ධතිය, රැම්සා තෙත් බිමක් වන මාදු ගඟ හා ඒ ආශ්‍රිත ප්‍රදේශ ආරක්ෂා කිරීමටත්, ප්‍රවර්ධනය කිරීමටත් විධිමත් විද්‍යාත්මක සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
පහත (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 124 සහ 125 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
• බලන බුද්ධ ප්‍රතිමා නිර්මාණ සංවිධානය
• ද. මු. දසනායක සමාජ සත්කාරක හා පුණ්‍යාධාර පදනම
"ද ඉන්ස්ටිටියුට් ඔෆ් සර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පතේ (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 126 වශයෙන් සඳහන් වන) දෙවැනි වර කියවීම සභාව විසින් සම්මත කර "බී" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"නුවරඑළියේ පාසල් ළමුන්ට කිරි වීදුරුවක් ලබා දීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1833 ට, 2012 ජූනි මස 19 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම