ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2012-04-04

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2009 වර්ෂය සඳහා ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ වාර්ෂික වාර්තාව


කාරක සභා වාර්තා පිළිගැන්වීම

• 2008 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (පාර්ලිමේන්තුව විසින් 2011.04.08 දින උපදේශක කාරක සභාව වෙත යොමු කරන ලද)

• 2009 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (පාර්ලිමේන්තුව විසින් 2011.06.08 දින උපදේශක කාරක සභාව වෙත යොමු කරන ලද)

සම්බන්ධයෙන් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ වාර්තාව


පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2012 මාර්තු මස 09 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.


කල් තැබීමේ යෝජනාව

"වැඩ බලන විදේශ කටයුතු අමාත්‍යතුමා විසින් 2012.03.23 දින කරන ලද අමාත්‍යාංශ නිවේදනය" පිළිබඳ කල් තැබීමේ විවාදය නතර කළ තැන සිට ඉදිරියට පවත්වන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2012 මැයි මස 08 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි