ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2012-04-03

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2010 වර්ෂය සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව
(ii) 2009 වර්ෂය සඳහා ලංකා පිඟන් කර්මාන්ත සංයුක්ත මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්


කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i) 2009 වර්ෂය සඳහා වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ සමාජ සේවා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ වාර්තාව (පාර්ලිමේන්තුව විසින් 2011.11.08 දින උපදේශක කාරක සභාව වෙත යොමු කරන ලද)

(ii)
• 2006, 2007, 2008 සහ 2009 වර්ෂ සඳහා මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ වාර්ෂික වාර්තා (පාර්ලිමේන්තුව විසින් 2011.08.24 දින උපදේශක කාරක සභාව වෙත යොමු කරන ලද)

• 2006, 2007, 2008 සහ 2009 වර්ෂ සඳහා ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනයේ වාර්ෂික වාර්තා හා ගිණුම් (පාර්ලිමේන්තුව විසින් 2011.09.06 දින උපදේශක කාරක සභාව වෙත යොමු කරන ලද)

• 2008 වර්ෂය සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ වාර්ෂික වාර්තාව (පාර්ලිමේන්තුව විසින් 2011.11.08 දින උපදේශක කාරක සභාව වෙත යොමු කරන ලද)

• 2009 වර්ෂය සඳහා ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනයේ වාර්ෂික වාර්තාව (පාර්ලිමේන්තුව විසින් 2012.12.01 දින උපදේශක කාරක සභාව වෙත යොමු කරන ලද)

සම්බන්ධයෙන් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධනය පිළිබඳ උපදේශක කාරක සභාවේ වාර්තාව


කල් තැබීමේ යෝජනාව

"වැඩ බලන විදේශ කටයුතු අමාත්‍යතුමා විසින් 2012.03.23 දින කරන ලද අමාත්‍යාංශ නිවේදනය" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අනුර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2012 අප්‍රේල් මස 04 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි