ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2012-03-21

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, අභාවප්‍රාප්ත ගරු මනෝ විජේරත්න මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා විවාදයට ගෙන අවසන් කරන ලදී.


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී.

1. එකතුකළ අගය මත බදු (සංශෝධන)

(2002 අංක 14 දරන එකතුකළ අගය මත බදු පහත සංශෝධනය කිරීම සඳහා)

2. දේශීය ආදායම (සංශෝධන)

(2006 අංක 10 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා)

3. ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන

(2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත සංශෝධනය කිරීම සඳහා)

4. වරාය හා ගුවන්තොටුපල සංවර්ධන බදු (සංශෝධන)

(2011 අංක 18 දරන වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත සංශෝධනය කිරීම සඳහා)

5. ආර්ථික සේවා ගාස්තු (සංශෝධන)

(2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත සංශෝධනය කිරීම සඳහා)

6. මුදල්

(2003 අංක 25 දරන මුදල් පනත, 2004 අංක 11 දරන මුදල් පනත සහ 1995 අංක 16 දරන මුදල් පනත සංශෝධනය කිරීම පිණිසද; ඇතැම් ක්‍රියාකාරකම්වල නිරත වන්නා වූ ඇතැම් ව්‍යවසායන් (235 වන අධිකාරය වූ) රේගු අඥාපනත, (423 වන අධිකාරිය වූ) විනිමය පාලන පනත සහ 1969 අංක 1 දරන ආනයන සහ අපනයන (පාලන) පනත යන පනත් වල විධිවිධාන වලින් නිදහස් කිරීම පිණිසද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස)


පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු විනයාගමූර්ති මුරලිදරන් මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2011 දෙසැම්බර් මස 17 වැනි දින පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු තුළින් පැනනගින වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නයට අදාළ ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා විසින් ඉදිරිපත් කළ වරප්‍රසාද යෝජනාව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1740 ට 2012 මාර්තු මස 22 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි