සභාවේ කටයුතු |
දිනය : | 2012-03-09 |
ලිපි ලේඛනාදිය පිළිගැන්වීම
(i) 2009 වර්ෂය සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ii) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වාර්ෂික වාර්තාව
දිනට නියමිත සභාවේ ප්‍රධාන කටයුතු
(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන්ව ඇති) පහත සඳහන් යෝජනා සභාව විසින් යෝජනා කරන ලදී. පහත සඳහන් යෝජනා සම්මත විය.
අයවැය සම්මත කිරීමට පෙර පූර්ව අයවැය විවාදයක් පැවැත්වීම
ඉන්දියාවේ හා එක්සත් රාජධානියේ මෙන්, අයවැය සම්මත කිරීමට මාස තුනකට ප්‍රථම, අයවැය ඇස්තමේන්තු වල අහිතකර හෝ අවාසිදායක බලපෑම් ඇතොත්, ඒවා අවම කිරීමට සහ නිවැරදි කිරීමට හැකි වන පරිදි පූර්ව අයවැය විවාදයක් පැවැත්විය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
වෛද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය වටිනාකම සුරැකීම
දේශීය හා ජාත්‍යන්තර වෛද්‍ය ක්‍රමය තුළ වෘත්තීමය සුදුසුකම් සහ අත්දැකීම් නොමැති වෛද්‍යවරුන් හා වෛද්‍යවරියන් ප්‍රතිකාර කිරීමෙහි යෙදී සිටීම තුළින් සාමාන්‍ය රෝගී ජනතාව විශාල ගැටලුවලට මුහුණ පෑමට සිදුවීමෙන් අසරණ තත්වයට පත්ව ඇති හෙයින්ද, ඒ තුළින් වෛද්‍ය ක්ෂේත්‍රය තුළ සිටින්නාවූ සුදුසුකම් ඇති වෛද්‍ය වෘත්තිකයින් සමාජය තුළ අවමානයට පත්ව ඇති හෙයින්ද, වෛද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිමය වටිනාකම සුරැකීමට ක්‍රමවත්ව හා විධිමත්ව නීත්‍යානුකූලව ක්‍රියාත්මක විය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
කාදී අධිකරණ පද්ධතියට ඉහළ ස්ථානයක් ලබාදීම
1929 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනත යටතේ කාදී අධිකරණ පද්ධතිය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ අතර, ඉන් පසුව 1951 දී මුස්ලිම් වාවාහ හා දික්කසාද පනත යටතේ සංශෝධනය කරන ලද එම ආඥා පනත මුස්ලිම් පවුල්වල පැන නගින ගැටලු පිළිබඳ සියලුම කාරණා සම්බන්ධ තීරණයන් ගැනීමට කාදී විනිශ්චයකාරවරුන්ගේ බලතල වැඩි කළ යුතු අතර, එම පද්ධතියේ ගෞරවයට නිසි තැන ලබා දෙමින් නඩු විභාග වාර නිසි පරිදි පැවැත්වීමට කාදී අධිකරණ පද්ධතියේ තත්වය උසස් කළ යුතු බව සහ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කාදී විනිශ්චයකාරවරුන් පත්කරන බැවින් සෙසු අධිකරණ නිලධාරීන් හට හිමිවන ගරුත්වය හා පිළිගත් වැටුප් තලය මත ස්ථානගත කළ යුතු බව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
පහත සඳහන් යෝජනාව අහෝසිවිය:-
උස්සන්ගොඩ කඳු වැටිය පිහිටි භූමිය සංරක්ෂණය කිරීම
ප්‍රාග් ඓතිහාසික යුගයේ මධ්‍යම පුරාශිලා යුගයට අයත් යැයි හඳුනාගෙන ඇති දකුණු පළාතේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයට අයත් මුහුදු වෙරළ තීරයේ පිහිටා ඇති දකුණේ හෝර්ටන් තැන්න නමින් ප්‍රකට උස්සන්ගොඩ කඳු වැටිය පිහිටා ඇති භූමිය, ශ්‍රී ලංකාවේ විවෘත ජනාවාසයකින් අවුරුදු විසි අට දහසක් පැරණි ජ්‍යාමිතික ආයුධ යන පාෂාණ සොයාගත් භූමියක් ලෙස ද, සාගර හා ගොඩබිම් ජෛව විවිධත්වය අතින් ඉතා පොහොසත් භූමියක් ලෙසද, කදිම කැස්බෑ වාසස්ථානයක් ලෙසද, සුනාමි රළ පහරින් ජනතාව ආරක්ෂා කළ පවුරක් ලෙසද, අතිශ්‍ය වටිනාකමක් උරුම කරගෙන ඇති හෙයින් එම භූමිය තුළ ආරම්භ කිරීමට යෝජිත ව්‍යාපෘති නවතා දමා වහාම සංරක්ෂණය කළ යුතු පරිසර පද්ධතියක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
සභාව විසින් පහත දැක්වෙන පනත් කෙටුම්පත් (අද දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 120 සිට 124 දක්වා දැක්වෙන පරිදි) දෙවන වර කියවීම සඳහා යෝජනා කරන ලද අතර, ස්ථාවර කාරක සභා (ව්‍යවස්ථාදායක) වෙත යොමු කරන ලදී.
• රණ කලා ආයතනය (සංස්ථාගත කිරීම) - ස්ථාවර කාරක සභාව "බී"
• සත්ව සුභසාධන - ස්ථාවර කාර සභාව "බී"
• (ආචාර්ය) මාලිනී ෆොන්සේකා පදනම (සංස්ථාගත කිරීම) - ස්ථාවර කාරක සභාව "බී"
• මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීම) - ස්ථාවර කාරක සභාව "බී"
• ද. මු. දසනායක සමාජ සත්කාර හා පුන්‍යාධාර පදනම (සංස්ථාගත කිරීම) - ස්ථාවර කාරක සභාව "ඒ"
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1700 ට 2012 මාර්තු මස 20 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම