ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2012-03-08

පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා විසින් යෝජනා කරන ලද, 2011 දෙසැම්බර් මස 21 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා විසින් මතු කරන ලද කරුණු වලින් පැන නගින ලද වරප්‍රසාද ප්‍රශ්නය පිළිබඳ වරප්‍රසාද යෝජනාව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.


"බුලත්සිංහල ජනශක්ති මහා සංගමය (සංස්ථාගත කිරීම)" නම් වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු විදුර වික්‍රමනායක මහතාට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මෝටර් වාහන පනත යටතේ නියෝග

සභාව විසින් සම්මත කරන ලදී.


කල් තැබීමේ යෝජනාව

"වී අලෙවි කිරීම සඳහා නිසි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පී. හැරිසන් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1900 ට 2012 මාර්තු මස 09 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි