ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2004 අංක 11 දරන මුදල් පනතේ 26 වැනි වගන්තිය යටතේ ජාත්‍යන්තර විදුලිසංදේශ ක්‍රියාකරු බද්ද සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා විසින් පනවන ලද නියෝග (2011.12.29 දිනැති අංක 1738/15 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(ii) 2010 අංක 20 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම - 2011
(iii) 2009 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ වාර්ෂික වාර්තාව
(iv) 2009 වර්ෂය සඳහා ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(v) 2009/2010 වර්ෂය සඳහා සී/ස කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමේ වාර්ෂික වාර්තාව
(vi)
2009 වර්ෂය සඳහා වී අලෙවි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
පහත දැක්වෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-
(i) අභාවප්‍රාප්ත ගරු ෂෙල්ටන් රණරාජ මහතා
(ii) අභාවප්‍රාප්ත ගරු එච්. එම්. ඩී. බී. හේරත් මහතා
"ශීඝ්‍රයෙන් ඉහළ යන රථවාහන අනතුරු පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව" සඳහා වන යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරනු ලදුව සභාව විසින් සම්මත කරන ලදී.
අනතුරුව
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.