සභාවේ කටයුතු

දිනය : 2012-02-08

Print
ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2009 වර්ෂය සඳහා ජාතික රක්ෂණ භාර අරමුදලේ වාර්ෂික වාර්තාව
(ii) 2010 වර්ෂය සඳහා ජනාධිපති අරමුදල පිළිබඳ විගණකාධිපතිගේ වාර්තාව
(iii) 2009 වර්ෂය සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව
(iv) 2010 වර්ෂය සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(v) 2009 වර්ෂය සඳහා සැලසිනෙ රූපවාහිනී ආයතනයේ වාර්ෂික වාර්තාව
(vi) (203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 237 වැනි වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග (2011.10.05 දිනැති අංක 1726/12 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(vii) 2009-2010 වර්ෂය සඳහා සී/ස ලංකා ෆොස්පේට් සමාගමේ වාර්ෂික වාර්තාව


පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2012 ජනවාරි මස 18 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.


"සෙය්යිද් ෂේහ් කෝයා තංගල් මවුලානා පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ෆයිසාල් කාසිම් මහතාට අවසර දෙන ලදී.

"පිලිප් ගුණවර්ධන ගුණානුස්මරණ සංගමය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මියට අවසර දෙන ලදී.


කල් තැබීමේ යෝජනාව

"යුරෝපීය සංගමයේ ආර්ථික තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම්" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අජිත් පී. පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1745 ට 2012 පෙබරවාරි මස 9 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.