ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(ii) 2010 වර්ෂය සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii) 2009 වර්ෂය සඳහා ලංකා ධීවර සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(iv) 2010 වර්ෂය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාර්ය සාධාන වාර්තාව
"වැලන්හින්න වාචිස්සර ජාත්‍යන්තර සංස්කෘතික පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු නිශාන්ත මුතුහෙට්ටිගමගේ මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
• සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ නියමය
• ආනයන සහ අපනයන (පාලන) පනත යටතේ නියෝග
• සමස්ත ලංකා මධ්‍ය විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - සලකා බැලීම
• මාතර රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය (කොළඹ ශාඛාව) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - සලකා බැලීම
පහත (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් හි (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 5 සහ 6 වශයෙන් සඳහන් වන) දෙවැනි වර කියවීම සභාව විසින් සම්මත කර ස්ථාවර කාරක සභාවලට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී:-
• කොටසර පියංගල රජමහා විහාරස්ථ සංවර්ධන සභාව - "බී" ස්ථාවර කාරක සභාව
• එස්. බී. නාවින්න පදනම - "ඒ" ස්ථාවර කාරක සභාව
අනතුරුව
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.