ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2010 අංක 20 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම - 2011
(ii) 2010 වර්ෂය සඳහා රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ කාර්යයසාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම්
(iii) 2009 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වාර්ෂික වාර්තාව
(iv) 2009 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව
(v) 2009 වර්ෂය සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව
(vi)
2009 වර්ෂය සඳහා සී/ස ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ වාර්ෂික වාර්තාව
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත
දෙවැනි වර කියවීමේ දී ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 71; විරුද්ධව 12) සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"දුම්රිය හරස් මාර්ගවල ආරක්ෂිත ගේට්ටු සවි කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ශාන්ත බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.