ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2010 වර්ෂය සඳහා කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(ii) 2008 අංක 40 දරන ජාතික මංමාවත් පනතේ 89 වැනි වගන්තියේ (2) වැනි උපවගන්තියේ (ඇ) ඡේදය යටතේ නියෝග (2011.11.18 දිනැති අංක 1732/12 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(iii) 1969 අංක 1 දරන ආනයන සහ අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 20 වැනි වගන්තිය යටතේ නියෝග (2012.01.02 දිනැති අංක 1739/3 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(iv) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තිය යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලද නියමය (2011.07.20 දිනැති අංක 1715/13 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(v) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තිය යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලද නියමය (2011.08.03 දිනැති අංක 1717/15 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(vi) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තියේ (ආ) ඡේදය යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලද නියමය (2011.11.08 දිනැති අංක 1731/3 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(vii) 2009 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්ෂික වාර්තාව
(viii) 2009 වර්ෂය සඳහා තල් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(ix) 2003, 2004 සහ 2005 වර්ෂ සඳහා ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තා
"ශ්‍රී ලංකා වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු කරු ජයසූරිය මහතාට අවසර දෙන ලදී.
"චන්දිම වීරක්කොඩි පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාට අවසර දෙන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1625 ට 2012 ජනවාරි මස 18 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.