ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වැනි වගන්තිය යටතේ නියෝගය (2011.11.21 දිනැති අංක 1733/5 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(ii) 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වැනි වගන්තිය යටතේ නියෝගය (2011.11.21 දිනැති අංක 1733/6 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
"ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එම්. බී. ෆාරුක් මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2012) - කාරක සභා අවස්ථාව
2012 විසර්ජන පනත් කෙටුම්පතේ විසි හතරවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
2012 විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) සංශෝධන සහිතව සභාව විසින් අද දින වැඩි ඡන්ද 98 කින් සම්මත කරන ලදී.
වැඩි විස්තර සඳහා,
'අයවැය 2012' කොටස බලන්න.
පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 14 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් තුනක්
(ii) රේගු ආඥාපනත යටතේ යෝජනාව
(iii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග
(iv) සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය
(v) සුරාබදු ආඥාපනත යටතේ නියමයන් හතරක්
(vi) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් දෙකක්
(vii) වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගය
පහත පනත් කෙටුම්පත් හි (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 15 සිට 19 දක්වා සඳහන් වන) දෙවැනි වර කියවීම සභාව විසින් සම්මත කර ස්ථාවර කාරක සභාවලට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී:-
(i) ටී. බී. ඒකනායක පදනම (සංස්ථාගත කිරීමේ) - "බී" ස්ථාවර කාරක සභාව
(ii) කුමාරසිරි හෙට්ටිගේ පදනම (සංස්ථාගත කිරීමේ) - "ඒ" ස්ථාවර කාරක සභාව
(iii) ශ්‍රී ලංකා භූ විද්‍යා ආයතනය (සංස්ථාගත කිරීමේ) - "බී" ස්ථාවර කාරක සභාව
(iv) හඳගල වලගම්බා පුරාණ ගල්ලෙන් රජමහා විහාරස්ථ සංවර්ධන සභාව (සංස්ථාගත කිරීමේ) - "බී" ස්ථාවර කාරක සභාව
(v) ශ්‍රී පියරතන ප්‍රජා සංවර්ධන සහ සමාජීය පදනම (සංස්ථාගත කිරීමේ) - "ඒ" ස්ථාවර කාරක සභාව
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1750 ට 2012 ජනවාරි මස 17 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.