ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2008 වර්ෂය සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ii) (52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ 22 (1) වැනි වගන්තිය යටතේ නියමය (2011.10.19 දිනැති අංක 1728/12 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(iii) (52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ 22 (1) වැනි වගන්තිය යටතේ නියෝගය (2011.10.20 දිනැති අංක 1728/23 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(iv) (52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ 32 වැනි වගන්තිය සමග කියවිය යුතු 25 වැනි වගන්තිය යටතේ නිවේදනය (2011.11.21 දිනැති අංක 1733/2 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(v) (52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ 22 (1) වැනි වගන්තිය යටතේ නියෝගය (2011.11.21 දිනැති අංක 1733/3 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(vi) (52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ 22 (1) වැනි වගන්තිය යටතේ නියමය (2011.11.21 දිනැති අංක 1733/4 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(vii) 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නියමය (2011.10.19 දිනැති අංක 1728/10 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(viii) 2008 වර්ෂය සඳහා තුරුසවිය අරමුදලේ වාර්ෂික වාර්තාව
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2012) - කාරක සභා අවස්ථාව
2012 විසර්ජන පනත් කෙටුම්පතේ විසි එක්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
සමාගම් පනත යටතේ නියෝග
සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"ගුරුවරුන්ගේ ස්ථානමාරු ප්‍රතිපත්තිය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු බුද්ධික පතිරණ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2011 දෙසැම්බර් මස 19 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.
[
අයවැය 2012]
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.