ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2010 අංක 20 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම - 2011
(ii) 2010 වර්ෂය සදහා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන හා ගිණුම් වාර්තාව
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2012) - කාරක සභා අවස්ථාව
2012 විසර්ජන පනත් කෙටුම්පතේ විසිවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ නියමය
සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"පාසල්වල ඇති පුරප්පාඩු අනුව ගුරුවරුන් බඳවා ගැනීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ජානක වක්කුඹුර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2011 දෙසැම්බර් මස 17 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
[
අයවැය 2012]
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.