සභාවේ කටයුතු

දිනය : 2011-12-15

Print
ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2010 වර්ෂය සඳහා තක්සේරු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2012) - කාරක සභා අවස්ථාව

2012 විසර්ජන පනත් කෙටුම්පතේ දහනවවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".


පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

• මෝටර් වාහන පනත යටතේ නියෝග
• ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරී පනත යටතේ නියෝග දෙකක්
• පරමාණුක ශක්ති අධිකාරි‍යේ වාර්ෂික වාර්තාව 2008



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"එළවළු ප්‍රවාහනය සඳහා ප්ලාස්ටික් ඇසුරුම් භාවිතා කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු සුජීව සේනසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1635 ට 2011 දෙසැම්බර් මස 16 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


[අයවැය 2012]

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.