සභාවේ කටයුතු

දිනය : 2011-12-14

Print
ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) (235 වැනි අධිකාරය වන) රේගු ආඥාපනතේ 10 වැනි වගන්තිය යටතේ යෝජනා (2011.11.21 දිනැති අංක 1733/9 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(ii) 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 20 වැනි වගන්තිය යටතේ නියෝග (2011.11.21 දිනැති අංක 1733/10 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(iii) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ නියමය (2011.11.21 දිනැති අංක 1733/11 දරන අති විශේෂ ගැසට් පත්‍රය)


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2012) - කාරක සභා අවස්ථාව

2012 විසර්ජන පනත් කෙටුම්පතේ දහඅටවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"යෝජිත ප්‍රාථමික පාසල්වලට සමගාමීව පෙරපාසැල් පිහිටුවීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු වයි. ජී. පද්මසිරි මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2011 දෙසැම්බර් මස 15 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.


[අයවැය 2012]

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.