සභාවේ කටයුතු

දිනය : 2011-12-13

Print
ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2009 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(ii) (469 වැනි අධිකාරය) වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තියේ (1) වැනි උපවගන්තිය යටතේ නියමය (2011.12.06 දිනැති අංක 1735/21 දරන අති විශේෂ ගැසට් පත්‍රය)


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2012) - කාරක සභා අවස්ථාව

2012 විසර්ජන පනත් කෙටුම්පතේ දහහත්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"ලංකා බැංකුව සහ මහ බැංකුව විසින් මිලට ගත් සේවක අර්ථසාධක අරමුදලේ හා සේවා නියුක්ති භාරකාර අරමුදලේ කොටස්වල විස්තර" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2011 දෙසැම්බර් මස 14 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


[අයවැය 2012]

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.