ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2005 වර්ෂය සඳහා අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(ii) 2010-2011 වර්ෂය සඳහා ඩී. එෆ්. සී. සී. බැංකුවේ විගණකවරුන්ගේ වාර්තාව හා ගිණුම්
(iii) 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනතේ 26 වැනි වගන්තිය යටතේ නියෝග (2011.07.27 දිනැති අංක 1716/23 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(iv) 2007 අංක 7 දරන සමාගම් පනතේ 477 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 527 වැනි වගන්තිය යටතේ නියෝග (2011.08.22 දිනැති අංක 1720/2 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2012) - කාරක සභා අවස්ථාව
2012 විසර්ජන පනත් කෙටුම්පතේ දහසයවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"ලංකා ඛනිජතෙල් තොග වෙළඳ සමාගමේ ඉන්ධන නාස්තිය යනාදිය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2011 දෙසැම්බර් මස 13 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
[
අයවැය 2012]
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.