අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2012) - කාරක සභා අවස්ථාව
2012 විසර්ජන පනත් කෙටුම්පතේ දොළොස්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සහ 3 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
• ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් 2008
• ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍යශාලාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් 2008
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ කරුණු" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2011 දෙසැම්බර් මස 7 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
[
අයවැය 2012]
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.