සභාවේ කටයුතු

දිනය : 2011-12-05

Print
අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2012) - කාරක සභා අවස්ථාව

2012 විසර්ජන පනත් කෙටුම්පතේ එකොළොස්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".


"සමස්ත ලංකා මධ්‍ය විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමය" (සංස්ථාගත කිරී‍මේ) පනත් කෙටුම්පත සභාව විසින් දෙවැනි වර කියවන ලදුව "බී" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"දහම් පාසල් අධ්‍යාපන ක්‍රමය නඟා සිටුවීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ශාන්ත බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2011 දෙසැම්බර් මස 6 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


[අයවැය 2012]

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.