පාර්ලිමේන්තු සේවයේ ස්වාධීන තත්ත්වය ශක්තිමත් කිරීම පිළිබඳ කරුණු සොයා බලා වාර්තා කිරීම පිණිස වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
කාරක සභාවේ කාල සීමාව 2012 පෙබරවාරි මස 28 වැනි දින දක්වා තව දුරටත් දීර්ඝ කළ යුතු බවට වන යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2012) - දෙවැනි වර කියවීම (කල් තැබූ විවාදය)
විසර්ජන පනත් කෙටුම්පත (2012) දෙවැනි වර කියවීමේ විවාදයේ හයවැනි වෙන් කළ දිනය අදයි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"උතුර සහ නැගෙනහිර සංවර්ධනය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ශාන්ත බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2012) දෙවැනි වර කියවීමේ විවාදය පැය 1824 ට 2011 නොවැම්බර් මස 30 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
[
අයවැය 2012]
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.