සභාවේ කටයුතු

දිනය : 2011-11-23

Print
අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2012) - දෙවැනි වර කියවීම (කල් තැබූ විවාදය)

විසර්ජන පනත් කෙටුම්පත (2012) දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි වෙන් කළ දිනය අදයි.


ශ්‍රී ලංකාවාසීන් එක් ජාතියක් ලෙස ජීවත්වීම බලාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලන හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පියවර නිර්දේශකොට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළු" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු වික්ටර් ඇන්ටනි මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2012) දෙවැනි වර කියවීමේ විවාදය පැය 1830 ට 2011 නොවැම්බර් මස 24 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.


[අයවැය 2012]

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.