සභාවේ කටයුතු

දිනය : 2011-11-22

Print
"(301 වන අධිකාරය වූ) 1942 අංක 59 දරන ශ්‍රී ලංකා ශාන්ත ජෝසප් සොහොයුරන්ගේ සංගමය ආඥාපනත (සංශෝධන)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (වෛද්‍ය) ජයලත් ජයවර්ධන මහතාට අවසර දෙන ලදී.

"ශ්‍රී ලංකාවේ සමාජ වැඩ වෘත්තීයවේදීන්ගේ සංගමය (සංස්ථාගත කිරී‍මේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ජානක බණ්ඩාර මහතාට අවසර දෙන ලදී.

"බෝධිරාජාරාම අධ්‍යාපනික හා සංස්කෘතික පදනම (සංස්ථාගත කිරී‍මේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු විදුර වික්‍රමනායක මහතාට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2012) - දෙවැනි වර කියවීම (කල් තැබූ විවාදය)

විසර්ජන පනත් කෙටුම්පත (2012) දෙවැනි වර කියවීමේ විවාදයේ පළමුවැනි වෙන් කළ දිනය අදයි.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය අත්හිටුවීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2012) දෙවැනි වර කියවීමේ විවාදය පැය 1830 ට 2011 නොවැම්බර් මස 23 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


[අයවැය 2012]

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.