සභාවේ කටයුතු

දිනය : 2011-11-08

Print
පනත් කෙටුම්පත් පිළිගැන්වීම අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා විසින් පහත පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී:- 1. ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් සහ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ (හඳුනාගත් ඌන ක්‍රියාකාරී ව්‍යවසාය හෝ ඌන උපයෝජිත වත්කම් ජාතික යහපත උදෙසා රජය සතු කිරීම සඳහා ද; එම ඌන ක්‍රියාකාරී එක් එක් ව්‍යවසාය හෝ ඌන උපයෝජිත වත්කම සම්බන්ධයෙන් හෝ ඒ ව්‍යවසාය හෝ වත්කම් කීපයක් සම්බන්ධයෙන් නිසි බලධරයකු පත්කිරීම සඳහා ද; විකල්ප උපයෝජනය තුළින් ඒවායේ ඵලදායී කළමනාකරණය, පරිපාලනය හෝ පුනරුදය සඳහා විධිවිධාන සැලැස්වීම සහ ඒවා සම්බන්ධයෙන් වන්දි ගෙවීම පිණිස ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ) 2. නගර සහ ග්‍රාම නිර්මාණ (සංශෝධන) ((269 වැනි අධිකාරය වූ) නගර සහ ග්‍රාම නිර්මාණ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල (සංශෝධන) ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත සංශෝධනය කිරීම පිණිස වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී. "ද ඉන්ස්ටිටියුට් ඔෆ් සර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ට්ස් (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මියට අවසර දෙන ලදී. අද දින සභාවේ ප්‍රධාන කටයුතු පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:- • නොතාරිස් (සංශෝධන) පනත් කෙටුම්පත • ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත • මුදල් පනත යටතේ නියෝගය • මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක් 2012 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවෙන් තෝරාගත් අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ස්ථාපිත කළ යුතුයැයි පාර්ලිමේන්තුව යෝජනා සම්මත කළේය. ඉන්පසු, "බලන බුද්ධ ප්‍රතිමා නිර්මාණ සංවිධානය" (සංස්ථාගත කිරී‍මේ) පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම සභාව විසින් සම්මත කර "ඒ" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී. පහත (සංස්ථාගත කිරී‍මේ) පනත් කෙටුම්පත් ද (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 8 සිට 10 වශයෙන් සඳහන් වන) සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී:- • ශ්‍රී ධම්මාලංකාර සමාජ සේවා පදනම • රාමක්‍රිෂ්ණ සාරදා දූත මෙහෙවර (ලංකා ශාඛාව) • දෙහිවල, නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව "'පීපල්ස් ලීසිං කොම්පැනි' හි කොටස් ආයෝජන" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1913 ට 2011 නොවැම්බර් මස 9 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.