"රංජිත් අලුවිහාරේ පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු අබ්දුල් හලීම් මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂයයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
• මුදල් ව්‍යාපාර පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
• මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
• ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත
• නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය
• ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"ආසියාවේ ආශ්චර්යය: ප්‍රධාන නගර සංවර්ධනය කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මනුෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.