සභාවේ කටයුතු

දිනය : 2011-09-08

Print
පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ගරු ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමා සහ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් පහත පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී:-

1. ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (සංශෝධන)
(1997 අංක 7 දරන ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව පනත සංශෝධනය කිරීම පිණිස.)

2. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන)
(2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා.)

3. ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන)
(2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත සංශෝධනය කිරීම සඳහා.)


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාවට ඉදිරිපත් කරන ලදී:-

• අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය - කල් තබන ලදී
• ජාතික පාරිසරික පනත යට‍තේ නියෝග - විවාදයකින් තොරව සම්මත කරන ලදී


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"යාපනයේ නවන්තුරෙයිහිදී ඇති වූ සිද්ධිය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඒ. විනායගමූර්ති මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.