පහත දැක්වෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-
• අභාවප්‍රාප්ත ගරු එල්. ද එස්. ඒ. ගුණසේකර මහතා
• අභාවප්‍රාප්ත ගරු සෝමකුමාරි තෙන්නකෝන් මහත්මිය
• අභාවප්‍රාප්ත ගරු විමලසිරි ද මැල් මහතා
• අභාවප්‍රාප්ත ගරු ආර්. එම්. ධර්මදාස බණ්ඩා මහතා - ඉදිරි දිනකදී කථා පවත්වා අවසන් කිරීමට නියමිතය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
වෙරළ සංරක්ෂණ (සංශෝධන)
ගරු ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමා සහ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනත සංශෝධනය කිරීම සඳහා ද 1968 අංක 15 දරන ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව පනතේ සහ 1978 අංක 04 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ ඇතැම් විධිවිධාන සංශෝධනය කිරීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"තරුණ තරුණියන් සඳහා වූ කොරියානු රැකියා ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අජිත් කුමාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.