සභාවේ කටයුතු

දිනය : 2011-08-24

Print
පනත් කෙටුම්පත් පිළිගැන්වීම

කාර්මික ආරවුල් (සංශෝධන)

ගරු කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යතුමා වෙනුවට ගරු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් (131 වන අධිකාරය වූ) කාර්මික ආරවුල් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.


පාර්ලිමේන්තු සේවයේ ස්වාධීන තත්ත්වය ශක්තිමත් කිරීම පිළිබඳ කරුණු සොයා බලා වාර්තා කිරීම පිණිස වන පාර්ලි‍මේන්තු විශේෂ කාරක සභාව

කාරක සභාවේ කාල සීමාව 2011 නොවැම්බර් මස 30 වැනි දින දක්වා තව දුරටත් දීර්ඝ කළ යුතු බවට වන යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

• ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය
• කුඩා තේ වතු සංවර්ධන පනත යටතේ නියෝග



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"වෙළඳ කලාප සේවකයන් අත්අඩංගුවට ගැනීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.