පහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-
(i) අභාවප්‍රාප්ත ගරු ඊ. පී. පෝල් පෙරේරා මහතා
(ii) අභාවප්‍රාප්ත ගරු පී. ඕ. විමලනාග මහතා
(iii) අභාවප්‍රාප්ත ගරු එන්. එම්. බුහාර්දීන් මහතා
(iv) අභාවප්‍රාප්ත ගරු සරත් චන්ද්‍ර රාජකරුණා මහතා - කථා පවත්වා අවසන් කිරීමට නියමිතයි
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ශ්‍රී ලංකා ව්‍යවහාරික සංඛ්‍යානවිද්‍යා ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
සභාව විසින් සම්මත කරන ලදී.
පහත පනත් කෙටුම්පත්හි (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 8 දක්වා සඳහන් වන) දෙවැනි වර කියවීම සභාව විසින් සම්මත කර ස්ථාවර කාරක සභාවලට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී:-
• දෙහිවල, නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) - "බී" ස්ථාවර කාරක සභාව
• සමස්ත ලංකා භික්ෂු සහයෝගිතා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) - "බී" ස්ථාවර කාරක සභාව
• දේශමාන්‍ය රවීන්ද්‍ර වනිගසේකර පදනම (සංස්ථාගත කිරීමේ) - "ඒ" ස්ථාවර කාරක සභාව
• ශ්‍රී ලංකා ඖෂධ විද්‍යා සංගමය (සංස්ථාගත කිරීමේ) - "බී" ස්ථාවර කාරක සභාව
• ජෝන් සෙනෙවිරත්න පදනම (සංස්ථාගත කිරීමේ) - "ඒ" ස්ථාවර කාරක සභාව
• තිදොර - තියටර් ඉන්ස්ටිටියුට් ෆෝ ඩිසැබිලිටි ඔරියන්ටඩ් රිසර්ච් ඇන්ඩ් ඇඩ්වොකසි(සංස්ථාගත කිරීමේ) - "ඒ" ස්ථාවර කාරක සභාව
• ශ්‍රී ධම්මාලංකාර සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) - "ඒ" ස්ථාවර කාරක සභාව
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ බිඳ වැටීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු බුද්ධික පතිරණ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2011 අගෝස්තු මස 12 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.