සභාවේ කටයුතු

දිනය : 2011-08-10

Print
"කාසිමි පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එම්. එස්. තව්ෆික් මහතාට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

• ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය - ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව: 58, විරුද්ධව: 04)
• රජයේ කාර්මික නීතිගත සංස්ථා පනත යට‍තේ නියමය


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"හම්බන්තොට ලංකා සෝල්ට් සමාගමේ සේවකයන්ගේ ප්‍රශ්න" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1917 ට 2011 අගෝස්තු මස 11 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.