සභාවේ කටයුතු

දිනය : 2011-07-21

Print
පහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i) අභාවප්‍රාප්ත ගරු ටිරෝන් ප්‍රනාන්දු මහතා
(ii) අභාවප්‍රාප්ත ගරු ඇල්බට් ද සිල්වා මහතා
(iii) අභාවප්‍රාප්ත ගරු ඊ. එල්. බී. හුරුල්ලේ මහතා



අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 16, 17, 19 සහ 20 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

• අනුරාධපුර ශ්‍රී පුෂ්පදාන සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)
• පහලගම ශ්‍රී සෝමරතන නාහිමි පදනම (සංස්ථාගත කිරීමේ)
• ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනම (සංස්ථාගත කිරීමේ)
• ඔලගංගල මහා සුදර්ශන පරෝපකාරී පදනම (සංස්ථාගත කිරීමේ)


රාමක්‍රිෂ්ණ සාරදා දූත මෙහෙවර (ලංකා ශාඛාව) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම


සභාව විසින් සම්මත කර "බී" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1645 ට 2011 ජූලි මස 22 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.