සභාවේ කටයුතු

දිනය : 2011-06-23

Print
පහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i) අභාවප්‍රාප්ත ගරු ඩී. පී. වික්‍රමසිංහ මහතා
(ii) අභාවප්‍රාප්ත ගරු හැරී අබේධීර මහතා
(iii) අභාවප්‍රාප්ත ගරු මෙරිල් ප්‍රනාන්දු මහතා



අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත පනත් කෙටුම්පත්හි (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 20 සිට 23 දක්වා සඳහන් වන) දෙවැනි වර කියවීම සභාව විසින් සම්මත කර "ඒ" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී:-

• සමනලගිරි සතරාංග (නාඩි) වෛද්‍ය සභාව (සංස්ථාගත කිරීමේ)
• ඔලගංගල මහා සුදර්ශන පරෝපකාරී පදනම (සංස්ථාගත කිරීමේ)
• ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනම (සංස්ථාගත කිරීමේ)
• රාජ්‍ය සේවක සංවර්ධන මූල්‍ය සංස්ථාව (සංස්ථාගත කිරීමේ)



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"කෑගල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ විපතට ලක් වූවන්ට ආධාර ලබාදීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු වයි. ජී. පද්මසිරි මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.