සභාවේ කටයුතු

දිනය : 2011-06-21

Print
"නිල තොරතුරු ලබා ගැනීමේ නිදහස වෙනුවෙන් විධිවිධාන සැලැස්වීමත්; තොරතුරු ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමට පාදක වන කරුණු නිශ්චිතව සඳහන් කිරීමත්; තොරතුරු ලබාගැනීමේ නිදහස පිළිබඳ කොමිෂන් සභාව ස්ථාපනය කිරීමත්; තොරතුරු නිලධාරීන් පත් කිරීමත්; තොරතුරු ලබාගැනීමට ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ ක්‍රියා පටිපාටිය සකස් කිරීමත්; ඊට අදාළ සහ ඊට ආනුෂංගික කරුණු පිළිබඳවත් වූ පනත් කෙටුම්පතකි."

නමින් ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව: 32, විරුද්ධව: 99, නොපැමිණි 93) ගරු කරු ජයසූරිය මහතාට පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර නොදෙන ලදී.

"මඩහපොල ශ්‍රී රත්නපාලාරාම විහාරස්ථ ශාසන හා බෞද්ධ අධ්‍යාපන සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු නෙරන්ජන් වික්‍රමසිංහ මහතාට අවසර දෙන ලදී.

"ශ්‍රී ලංකා මනෝවිද්‍යා සංගමය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු තිලංග සුමතිපාල මහතාට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

2010 අංක 7 දරන විසර්ජන පනත යටතේ යෝජනා දහයක් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 10 දක්වා සඳහන් වන)

සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදල වැඩි කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1905 ට, 2011 ජූනි මස 22 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.