හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, අභාවප්‍රාප්ත ගරු නිශ්ශංක විජයරත්න මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී.
"හඟුරන්කෙත මාදන්වෙල රජමහා විහාර සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එරික් ප්‍රසන්න වීරවර්ධන මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කරන ලදී. පහත යෝජනා සම්මත විය:-
පොලිතින්, ප්ලාස්ටික් ආදී අපද්‍රව්‍ය ඉවත් කිරීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා දීප ව්‍යාප්ත වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීම
දිවයිනේ පොලිතින් හා ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතය සීඝ්‍රයෙන් වැඩි වී ඇති අතර, ඒවා අනිසි ලෙස බැහැර කිරීමෙන් මහා පරිමාණයෙන් පරිසර දූෂණය සිදුවන බැවින් එවැනි අපද්‍රව්‍ය ඉවත් කිරීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා දීප ව්‍යාප්ත වැඩ සටහනක් ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
කොළඹ නගරයේ වැසි ජලය බැස යාම ක්‍රමවත් කිරීම
කොළඹ නගරයේ තවමත් පවතින්නේ වසර 100 කටත් වඩා පැරණි ජලය බැස යන කාණු පද්ධතියක් වන අතර එය නිසියාකාරව ක්‍රියාත්මක නොවන බැවින් පැය භාගයක පමණ අඛණ්ඩ වර්ෂාවකින් කොළඹ නගරයම ජලයෙන් යටවන තත්ත්වයකට පත්ව ඇති හෙයින්ද, අවිධිමත් ලෙස ඉදිකරන ලද නිවාස, ගොඩනැගිලි හා අනවසර ඉදිකිරීම්වලින් පරිසරයට හානි සිදුවන හෙයින්ද, අධික වැසි අවස්ථාවලදී කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ ඇතිවන ගංවතුර ආපදා තත්ත්වය අවම කිරීම සඳහා වැසි ජලය ක්‍රමවත්ව බැස යාමට හැකිවන පරිදි අදාළ කාණු පද්ධතිය නවීකරණය හා ශ්‍රද්ධ පවිත්‍ර කර විධිමත්ව පවත්වාගෙන යා යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
පහත යෝජනාව නිෂ්ප්‍රභා කෙරුණි:-
දේශපාලන පළිගැනීම්වලට ලක් වූවන්ට සහන සැලසීම සඳහා ජනාධිපති කොමිසමක්
අතීතයේ සිට මේ දක්වා තමන් දරන දේශපාලන මතය නිසා පීඩාවට හා දේශපාලන පළිගැනීම්වලට ලක් වූ අයගේ පැමිණිලි විභාග කර සහන සැලසිය හැකි පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"ශ්‍රීපාලි මණ්ඩපය: ප්‍රසාංගික කලා විශ්වවිද්‍යාලයට අනුයුක්ත කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1836 ට, 2011 ජූනි මස 21 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.