ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2025 සැප්තැම්බර් මස 24 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2025-09-24

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2023 වර්ෂය සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(ii)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iii)    2023 වර්ෂය සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව


කාරක සභා වාර්තා පිළිගැන්වීම

රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්කම් ඉල්යාස් මහතා                    
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ ගමගේ මහතා - පෙත්සම් දෙකයි 
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා - පෙත්සම් දෙකයි 

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ ප්‍රතිසංස්කරණ නීතිගත කිරීම සහ බලාත්මක කිරීම

(ii)    ගරු රවී කරුණානායක මහතා
සරල කළ වැට් බද්ද අහෝසි කිරීමට ගෙන ඇති පියවර සහ අපනයන ප්‍රජාවට එහි ඇති අහිතකර බලපෑම

 

අමාත්‍යාංශ නිවේදන

ශ්‍රී ලංකාවේ නිල සංචිත පිළිබඳ විස්තර සම්බන්ධයෙන් 2025.09.12 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාවට ඉදිරිපත් කරන ලදී. විෂය අංක (i) විවාදයට ගෙන මතු දිනකට කල් තබන ලදී. විෂය අංක (ii) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    දණ්ඩ නීති සංග්‍රහය (සං‍ශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii)    අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී දීප්ති වාසලගේ මහත්මිය


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1745 ට 2025 සැප්තැම්බර් මස 25 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි