2022 ඔක්තෝබර් මස 07 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-10-07 |
|
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : “විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
B : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2021 වර්ෂය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(ii) 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iii) 2021 වර්ෂය සඳහා ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iv) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(v) 2020 වර්ෂය සඳහා මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම්
(vi) 2019 වර්ෂය සඳහා ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂික වාර්තාව
(vii) (54 අධිකාරය වූ) බන්ධනාගාර ආඥාපනතේ 94 වගන්තිය යටතේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ජූලි 12 දිනැති අංක 2288/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති
කාරක සභා වාර්තා පිළිගැන්වීම
විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු කංචන විජේසේකර මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු උදය ගම්මන්පිල මහතා
(ii) ගරු බුද්ධික පතිරණ මහතා
(iii) ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා
(iv) ගරු උදයන කිරිඳිගොඩ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අමාත්‍යාංශ නිවේදන
ධීවර ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් 2022.10.04 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ධීවර අමාත්‍ය, ගරු ඩග්ලස් දේවානන්දා මහතා විසින් පිළිතුරු සපයන ලදී.
කල් තැබීමේ යෝජනාව
“රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් 2022.10.06 දින ගරු ජනාධිපතිතුමා විසින් කරන ලද ප්‍රකාශය” පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පවත්වා අවසන් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2022 ඔක්තෝබර් මස 18 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.