2022 ඔක්තෝබර් මස 06 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-10-06

Print

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ගරු ජනාධිපතිතුමාගේ විශේෂ ප්‍රකාශය

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ගරු ජනාධිපතිතුමා විසින් විශේෂ ප්‍රකාශයක් කරන ලදී.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2016 සහ 2019 වර්ෂ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තා

(ii)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 සැප්තැම්බර් 09 දිනැති අංක‍ 2296/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු කබීර් හෂීම් මහතා                    
(ii)    ගරු ඉරාන් වික්‍රමරත්න මහතා      
             
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

වරප්‍රසාද

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සමන්ප්‍රිය හේරත් මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2022 ඔක්තෝබර් 04 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 වශයෙන් සඳහන් වන)

සභාව විසින් අනුමත කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව 2022.10.06 දින ගරු ජනාධිපතිතුමා විසින් කරන ලද ප්‍රකාශය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු මධුර විතානගේ මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2022 ඔක්තෝබර් මස 7 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.