2022 ඔක්තෝබර් මස 05 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-10-05 |
|
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : ජාතික සභාවේ සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම
B : ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2021 වර්ෂය සඳහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(ii) 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වගන්තිය සමඟ කියවිය යුතු 29 වගන්තිය යටතේ 2021 ජුනි 30 දිනැති අංක 2234/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සංශෝධනය කරමින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 සැප්තැම්බර් 08 දිනැති අංක 2296/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(iii) 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2022 ඔක්තෝබර් 03 දිනැති අංක 2300/08 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු රංජිත් සියඹලාපිටිය මහතා - පෙත්සම් තුනයි
(ii) ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා
(iii) ගරු සිසිර ජයකොඩි මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු අනුර දිසානායක මහතා
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සම්බන්ධ ගැටලු
ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය, ගරු රෝහණ දිසානායක මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) උදර්පණ පනත යටතේ නියමය
(ii) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම - සංශෝධන සහිතව
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1551 ට 2022 ඔක්තෝබර් මස 6 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.