2022 ඔක්තෝබර් මස 03 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-10-03 |
|
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
B : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
C : රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම
D : පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම
E : ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2020 වර්ෂය සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(ii) 2012, 2013, 2014, 2015, 2016 සහ 2017 වර්ෂ සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ වාර්ෂික වාර්තා
(iii) 2015, 2016 සහ 2017 වර්ෂ සඳහා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා
(iv) 2021 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(v) 2018 වර්ෂය සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(vi) 2020 වර්ෂය සඳහා ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ වාර්ෂික වාර්තාව
(vii) 2020 වර්ෂය සඳහා ජල සම්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(viii) 2021 වර්ෂය සඳහා ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ix) 2020 සහ 2021 වර්ෂ සඳහා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන හා ගිණුම් වාර්තා
(x) 2020 වර්ෂය සඳහා සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව
(xi) 2005 අංක 6 දරන පනතින් සංශෝධිත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 2අ වගන්තිය යටතේ එකතු කළ අගය මත බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 මැයි 31 දිනැති අංක 2282/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xii) කලින් කලට සංශෝධනය කරන ලද (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22(1) වගන්තිය යටතේ බෝතල් කරන ලද රා මත සුරාබද්ද සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 අප්‍රේල් 29 දිනැති අංක 2277/62 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(අංක 03/2022 දරන සුරාබදු නිවේදනය)
(xiii) කලින් කලට සංශෝධනය කරන ලද (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22 වගන්තිය සමඟ කියවිය යුතු 32 වගන්තිය යටතේ ඊතයිල් මද්‍යසාර සඳහා වූ සුරාබද්ද සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 ජුනි 08 දිනැති අංක 2283/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(අංක 04/2022 දරන සුරාබදු නිවේදනය)
(xiv) 2003 අංක 25 දරන මුදල් පනතේ 2(1) වගන්තිය යටතේ අපගමන බද්ද සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 මාර්තු 27 දිනැති අංක 2272/53 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා
(ii) ගරු චන්දිම වීරක්කොඩි මහතා
(iii) ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා
(iv) ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
(113 වන අධිකාරිය වූ) උඩරට විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම සඳහා වූ
“උඩරට විවාහ හා දික්කසාද (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ජාතික සභාව ස්ථාපිත කිරීම සඳහා වූ යෝජනා සම්මතය සඳහා වූ සංශෝධනය (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව විසින් අනුමත කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1500 ට 2022 ඔක්තෝබර් මස 4 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.