2022 සැප්තැම්බර් මස 23 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-09-23 |
|
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
B : ජාතික සභාවේ සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම
C : ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
A.
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
• 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පස්වැනි කාණ්ඩයේ IX කොටස;
• 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පස්වැනි කාණ්ඩයේ VIII කොටස සහ හයවැනි කාණ්ඩයේ XVI, XVII, XVIII, XIX සහ XX කොටස්; සහ
• 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ II හා III කොටස් සහ සිව්වැනි කාණ්ඩයේ IV හා V කොටස්
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩයේ රාජ්‍ය ආයතන සඳහා ගොඩනැගිලි අවශ්‍යතා සපුරා ගැනීම හා උපයෝජනය සම්බන්ධ කාර්ය සාධන වාර්තාවේ - X කොටස
B.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ජාතික විගණන කාර්යාලය වෙත ලැබී ඇති,
• රාජ්‍ය බැංකු පිළිබඳ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 14 වගන්තිය ප්‍රකාරව, විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාවේ එකලොස් වන කාණ්ඩයේ 02 කොටස; සහ
• රාජ්‍ය සමාගම් පිළිබඳ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 14 වගන්තිය ප්‍රකාරව, විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාවේ එකලොස් වන කාණ්ඩයේ 09 කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2016, 2017 සහ 2018 වර්ෂ සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) වාර්ෂික වාර්තා.
(ii) 2021 වර්ෂය සඳහා රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව
(iii) 2021 වර්ෂය සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv) 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව
2018 වර්ෂය සඳහා ශ්‍රම වාසනා අරමුදලේ වාර්ෂික වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු අජිත් රාජපක්ෂ මහතා
(ii) ගරු වාසුදේව නානායක්කාර මහතා
(iii) ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා
(iv) ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
පුනරුත්ථාපන කාර්යාංශය යනුවෙන් හඳුන්වනු ලැබිය යුතු සහ සඳහන් කරනු ලැබිය යුතු කාර්යාංශයක් පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද; එහි බලතල, කාර්ය සහ කර්තව්‍ය විධිමත් කිරීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ
“පුනරුත්ථාපන කාර්යාංශය”
නමැති පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
ශෝක ප්‍රකාශ යෝජනා
(i) II වැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවය පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී.
(ii) නවවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු අමරකීර්ති අතුකෝරල මහතාගේ කල්තබන ලද ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් තවදුරටත් කථා පවත්වා අවසන් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ජාතික සභාව ස්ථාපිත කිරීම සඳහා වූ යෝජනා සම්මතය සඳහා වූ සංශෝධනය (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව විසින් අනුමත කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1251 ට 2022 ඔක්තෝබර් මස 3 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.