2022 සැප්තැම්බර් මස 20 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-09-20 |
|
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
B : නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය තුළ සේවය කිරීම පිණිස සභාපති නාමාවලියට මන්ත්‍රීන් පත් කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2018 වර්ෂය සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව
(ii) 2021 වර්ෂය සඳහා අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(iii) 2016 සහ 2017 වර්ෂ සඳහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා
(iv) 2020 වර්ෂය සඳහා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ වාර්ෂික වාර්තාව
(v) 2020 වර්ෂය සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(vi) 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(vii) 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(viii) 2020 වර්ෂය සඳහා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ වාර්ෂික වාර්තාව
(ix) 2020/21 වර්ෂය සඳහා සී/ස ලංකා පොස්පේට් සමාගමේ වාර්ෂික වාර්තාව
(x) 2020 වර්ෂය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(xi) 2020 වර්ෂය සඳහා සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xii) 2018 වර්ෂය සඳහා සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(xiii) 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වගන්තිය යටතේ HCL ටෙක්නොලොජීස් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 අගෝස්තු 03 දිනැති අංක 2291/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(xiv) 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 ජූලි 27 දිනැති අංක 2290/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ලසන්ත අලගියවන්න මහතා
(ii) ගරු එස්. බී. දිසානායක මහතා
(iii) ගරු අජිත් මාන්නප්පෙරුම මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
දුම්වැටි සහ මධ්‍යසාර භාවිතය පාලනය කිරීම
මුදල් රාජ්‍ය අමාත්‍ය, ගරු රංජිත් සියඹලාපිටිය මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ජාතික සභාව ස්ථාපිත කිරීම සඳහා වූ යෝජනා සම්මතය (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව විසින් අනුමත කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1651 ට 2022 සැප්තැම්බර් මස 21 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.