2022 සැප්තැම්බර් මස 06 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-09-06 |
|
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : “විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
B : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
C : රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා නම් කළ මන්ත්‍රීන්
D : අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා 09 ක සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2018 වර්ෂය සඳහා ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ වාර්ෂික වාර්තාව
(ii) 2020 වර්ෂය සඳහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(iii) 2018 වර්ෂය සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iv) 2020 වර්ෂය සඳහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(v) 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 61 වගන්තිය යටතේ ධීවර අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 නොවැම්බර් 24 දිනැති අංක 2255/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(vi) 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 64 (අ) වගන්තිය සමඟ කියවිය යුතු 61(1)(ආ) වගන්තිය යටතේ ධීවර අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 පෙබරවාරි 07 දිනැති අංක 2266/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(vii) 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 61 වගන්තිය යටතේ ධීවර අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 අප්‍රේල් 25 දිනැති අංක 2277/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
ත්‍රී රෝද රථ රියදුරන් මුහුණ පා ඇති ගැටලු
විදුලිබල හා බලශක්ති අමාත්‍ය, ගරු කංචන විජේසේකර මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 වශයෙන් සඳහන් වන)
සභාව විසින් අනුමත කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
“ශ්‍රී ලංකාවේ ළමයින් හා මව්වරුන් අතර මන්දපෝෂණය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2022 සැප්තැම්බර් මස 07 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.