2022 සැප්තැම්බර් මස 02 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-09-02 |
|
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩයේ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක ප්‍රසම්පාදනය සම්බන්ධ විශේෂ විගණන වාර්තාවේ - V කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(ii) 2019 වර්ෂය සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(iii) 2019 වර්ෂය සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv) 2021 වර්ෂය සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(v) 2019 සහ 2020 වර්ෂ සඳහා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා
(vi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(vii) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(viii) (190 අධිකාරය වූ) තැපැල් කාර්යාල ආඥාපනතේ 7 සහ 8 වගන්ති යටතේ තැපැල් ගාස්තු සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 අගෝස්තු 09 දිනැති අංක 2292/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ව්‍යවස්ථාව
(ix) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වැවිලි අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(x) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
(i) විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත
ඡන්ද විමසීමක් පැවැත්වීමෙන් පසුව (පක්ෂව 120; විරුද්ධව 05) විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම සභාව විසින් සම්මත කරන ලදී.
විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත සභාව විසින් අද දින සංශෝධන සහිතව සම්මත කරන ලදී.
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 7 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(ii) විදේශ විනිමය පනත යටතේ නියෝග
(iii) විදේශ විනිමය පනත යටතේ නියමය
(iv) රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතය
(v) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1807 ට 2022 සැප්තැම්බර් මස 06 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.