2022 අගෝස්තු මස 31 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-08-31

Print

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

•    2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XXXIII කොටස, පස්වැනි කාණ්ඩයේ VII කොටස සහ හයවැනි කාණ්ඩයේ XIV  හා XV කොටස්; සහ
•    2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ I කොටස සහ සිව්වැනි කාණ්ඩයේ I, II  හා III කොටස්

(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩයේ කඳුරට නවගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය මඟින් වතුකර ප්‍රජාවට නිවාස පහසුකම් ලබාදීමේ ව්‍යාපෘතියේ කාර්ය සාධනය සම්බන්ධ වාර්තාවේ - IX කොටස

(iii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ජාතික විගණන කාර්යාලය වෙත ලැබී ඇති,

•    මුදල් අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තු හා විශේෂ වියදම් ඒකක පිළිබඳ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 14 වගන්තිය ප්‍රකාරව, විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාවේ එකලොස් වන කාණ්ඩයේ 01 කොටස;
•    වි‍දේශ මූල්‍යයන ව්‍යාපෘති පිළිබඳ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 14 වගන්තිය ප්‍රකාරව, විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාවේ එකලොස් වන කාණ්ඩයේ 04 කොටස;
•    මහා නගර සභා පිළිබඳ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 14 වගන්තිය ප්‍රකාරව, විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාවේ එකලොස් වන කාණ්ඩයේ 06(i) කොටස;
•    නගර සභා පිළිබඳ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 14 වගන්තිය ප්‍රකාරව, විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාවේ එකලොස් වන කාණ්ඩයේ 06(ii) කොටස;
•    දිස්ත්‍රික් ලේකම් කාර්යාල පිළිබඳ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 14 වගන්තිය ප්‍රකාරව, විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාවේ එකලොස් වන කාණ්ඩයේ 01 කොටස; සහ
•    අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ පිළිබඳ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 14 වගන්තිය ප්‍රකාරව, විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාවේ එකලොස් වන කාණ්ඩයේ 01 කොටස

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2018 වර්ෂය සඳහා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(ii)    2018 වර්ෂය සඳහා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව
(iii)          2020 වර්ෂය සඳහා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(iv)    2020 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(v)    2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඉංග්‍රීසි භාෂා ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(vi)    2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව
(vii)    2020 වර්ෂය සඳහා  ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(viii)    2020 වර්ෂය සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(ix)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(x)    2021 වර්ෂය සඳහා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xi)    2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව
(xii)    2021 වර්ෂය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(xiii)    2021 වර්ෂය සඳහා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xiv)    2021 වර්ෂය සඳහා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(xv)    2020 වර්ෂය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව

(xvi)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 අගෝස්තු 05 දිනැති අංක‍ 2291/44 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(xvii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xviii)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද  වාර්තාවේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සම්බන්ධ සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xix)    2021 අංක 30 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2022.07.01 සිට 2022.07.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(xx)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිසර අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xxi)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද  පරිසර අමාත්‍යාංශය සම්බන්ධ සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා       
            
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි

රසායනික පොහොර සහ කාබනික පොහොර සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිමය තීරණ

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී -

(i)    සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටිය - සුළු හිමිකම් අධිකරණවල දී අනුගමනය කරනු ලැබීමට නියමිත කාර්ය පටිපාටිය සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිස ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ
(ii)    අධිකරණ සංවිධාන (සංශෝධන) - 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම පිණිස වූ
(iii)    පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) (සංශෝධන) - 1990 අංක 19 දරන පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම පිණිස වූ
(iv)    සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) - (101 වන අධිකාරය වූ) සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම පිණිස වූ

ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී -

(v)    ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) - 2002 අංක 33 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා වූ

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාට අවසර දෙන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2022 සැප්තැම්බර් මස 01 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.