2022 අගෝස්තු මස 29 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-08-29 |
|
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
B : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
C : නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පවත්වනු ලැබූ ඡන්ද විමසීම් වලදී භාවිතයට ගනු ලැබූ ඡන්ද පත්‍රිකා විනාශ කිරීම
D : පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා විශේෂ වැඩසටහන
E : ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම
F : ගෘහ්‍ය කාරක සභාවේ සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම
G : ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම
H : මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම
I : පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාවේ සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ජාතික විගණන කාර්යාලය වෙත ලැබී ඇති,
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2019 වර්ෂය සඳහා මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ වාර්ෂික වාර්තාව
(ii) 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාර්ය සාධන වාර්තාව
(iii) 2017 සහ 2018 වර්ෂ සඳහා ජාතික මූලික අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තා
(iv) 2018 වර්ෂය සඳහා ජාතික පර්යේෂණ සභාවේ වාර්ෂික වාර්තාව
(v) 2019 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(vi) 2020 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව
(vii) 2020 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(viii) 2020 වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හතලිස් දෙවන වාර්ෂික වාර්තාව
(ix) 2020 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(x) 2020 වර්ෂය සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(xi) 2020 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(xii) 2020 වර්ෂය සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(xiii) 2020 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන
(xiv) 2020 වර්ෂය සඳහා ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ වාර්ෂික වාර්තාව
(xv) 2021 වර්ෂය සඳහා පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xvi) 2020 වර්ෂය සඳහා අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තාව
(xvii) 2016 වර්ෂය සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(xviii) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(xix) 2021 වර්ෂය සඳහා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xx) ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 8 දරන උදර්පන පනතේ 3(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උදර්පණ ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2022 මැයි 31 දිනැති අංක 2282/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxi) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සම්බන්ධව සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xxii) (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 126 වගන්තිය සමඟ කියවිය යුතු 237 වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 මාර්තු 31 දිනැති අංක 2273/76 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී;
(i) නොතාරිස් (සංශෝධන) - (107 වන අධිකාරය වූ) නොතාරිස් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ
(ii) ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන) - (122 වන අධිකාරය වූ) ඇටෝර්නි බලපත්‍ර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ
(iii) ළමයින් සහ තරුණ තැනැත්තන් (සංශෝධන) - (23 වන අධිකාරය වූ) ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා
(iv) ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) - (117 වන අධිකාරය වූ) ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා
(v) අන්තරායකර සත්ත්ව (සංශෝධන) - (49 වන අධිකාරය වූ) අන්තරායකර සත්ත්ව ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ
(vi) අන්තිම කැමති පත්‍ර (සංශෝධන) - (60 වන අධිකාරය වූ) අන්තිම කැමති පත්‍ර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ
(vii) වංචා වැළැක්වීමේ (සංශෝධන) - (70 වන අධිකාරය වූ) වංචා වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය -
(i) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115හි විධිවිධානවල සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2022 අගෝස්තු 12 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි, නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, කථානායකවරයා සභාපතිවරයා වූ ද, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් මන්ත්‍රීවරයන් විසිහය දෙනෙකුගෙන් (26) සමන්විත විය යුතු ය
(ii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119හි විධිවිධානවල සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2022 අගෝස්තු 12 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි, නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් විසිහත් දෙනෙකුගෙන් (27) සමන්විත විය යුතු ය
(iii) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120හි විධිවිධානවල සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2022 අගෝස්තු 12 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි, නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් විසිහත් දෙනෙකුගෙන් (27) සමන්විත විය යුතු ය
(iv) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121හි විධිවිධානවල සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2022 අගෝස්තු 12 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි, නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් විසිහය දෙනෙකුගෙන් (26) සමන්විත විය යුතු ය
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට මන්ත්‍රීන් පත් කිරීම
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
සිසිර ජයකොඩි සියපත පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව විසින් සම්මත කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
“විදුලිබල ගාස්තු විශාල ප්‍රමාණයකින් වැඩි වීම හේතුවෙන් මහජනතාව මුහුණ පා ඇති දුෂ්කරතා” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු මුජිබුර් රහුමාන් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1620 ට 2022 අගෝස්තු මස 30 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.