2022 අගෝස්තු මස 09 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-08-09

Print

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

  • 2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XVIII කොටස;
  • 2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXI හා XXXII කොටස්, තෙවැනි කාණ්ඩයේ XVI කොටස සහ නවවැනි කාණ්ඩයේ XXVI කොටස;
  • 2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XXXII සහ XXXIII කොටස්;
  • 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXVII, XXXVIII හා XXXIX කොටස්, තෙවැනි කාණ්ඩයේ XV කොටස සහ නවවැනි කාණ්ඩයේ XXIX කොටස;
  • 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXX හා XXXI කොටස්, තෙවැනි කාණ්ඩයේ XVI කොටස සහ නවවැනි කාණ්ඩයේ XVIII , XIX, XX හා XXI කොටස්; සහ
  • 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ I කොටස

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii)          2021 වර්ෂය සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iii)          2021 වර්ෂය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව
(iv)    2021 වර්ෂය සඳහා වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(v)    2021 වර්ෂය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vi)    2019 වර්ෂය සඳහා දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තාව
(vii)    2020 වර්ෂය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(viii)    2020 වර්ෂය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ix)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තාව
(x)          2021 වර්ෂය සඳහා අධිකරණ අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(xi)    2021 වර්ෂය සඳහා සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(xii)    2021 වර්ෂය සඳහා විදුලිබල අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xiii)    2019 සහ 2020 වර්ෂ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ වාර්ෂික වාර්තා
(xiv)    2021 වර්ෂය සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

(xv)    රේගු ආඥා පනතේ (235 අධිකාරය) 10 වගන්තිය යටතේ ආනයන තීරු බදු සම්බන්ධ යෝජනා සම්මතය
(2022 මැයි 31 දිනැති අංක 2282/24 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(xvi)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 මැයි 31 දිනැති අංක 2282/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xvii)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2(3) වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 ජුනි 15 දිනැති අංක 2284/03 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xviii)    1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව  ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2022 අගෝස්තු 03 දිනැති අංක 2291/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
(xix)    2021 අංක 30 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2022.06.01 සිට 2022.06.30 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(xx)    1988 අංක 83 දරන පනතින් සංශෝධිත රේගු ආඥා පනතේ (235 අධිකාරය) 10(අ) වගන්තිය යටතේ ආනයන භාණ්ඩ සම්බන්ධ වරණීය හා සාමාන්‍ය තීරු බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 මැයි 31 දිනැති අංක 2282/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
2022 අ.පො.ස (උ/පෙ) විභාගය හා සම්බන්ධ ගැටලු

අධ්‍යාපන අමාත්‍ය, ගරු (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

(i)    ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා

තමන්ට මරණීය තර්ජන එල්ල කරමින් ලැබුණු දුරකථන ඇමතුම්

(ii)    ගරු (වෛද්‍ය) තිලක් රා‍ජපක්ෂ මහතා

තමන්ට මරණීය තර්ජන එල්ල කරමින් ලැබුණු දුරකථන ඇමතුම්

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ

“විසර්ජන (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

පාර්ලිමේන්තුවේ සභානායක ගරු (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය -

(i)    තේරීම් කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 114හි විධිවිධාන ප්‍රකාරව, නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි  සභාවාරයේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව, කථානායකවරයාගේ සභාපතීත්වයෙන් සහ දේශපාලන පක්ෂවල නායකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් ද ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් දොළොස් දෙනෙකුගෙන් (12) සමන්විත විය යුතු ය.

(ii)    තේරීම් කාරක සභාව

අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, මතු සඳහන් සාමාජික මන්ත්‍රීවරයන් දොළොස් දෙනා (12) නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි  සභාවාරයේ  තේරීම් කාරක සභාවේ සේවය කළ යුතු ය:—

ගරු (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා
ගරු ප්‍රසන්න රණතුංග මහතා
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා     
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා      
ගරු ගයන්ත කරුණාතිලක මහතා
ගරු රවුෆ් හකීම් මහතා
ගරු ගාමිණී ලොකුගේ මහතා  
ගරු විජිත හේරත් මහතා
ගරු සෙල්වම් අඩෛක්කලනාදන් මහතා
ගරු සාගර කාරියවසම් මහතා

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

තේරීම් කාරක සභාවේ රැස්වීම

 

කල් තැබීමේ යෝජනාව

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(4) සහ 33(අ) ව්‍යවස්ථා ප්‍රකාරව ගරු ජනාධිපතිතුමා විසින් 2022 අගෝස්තු 03 වැනිදා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1730  ට 2022 අගෝස්තු මස 10 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.