2022 ජූලි මස 27 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-07-27

Print

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම

ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

 

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
B : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

C : පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය
D : පාර්ලිමේන්තුවේ සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පත්කිරීම

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

A.    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2018 සිට 2022 දක්වා ශ්‍රී ලංකාවේ මූල්‍ය කළමනාකරණය සහ රාජ්‍ය ණය පාලනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ දහවැනි කාණ්ඩයේ IV කොටස

B.    
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXIV සහ XXV කොටස්; සහ
•    2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XXXII කොටස, පස්වැනි කාණ්ඩයේ VI කොටස සහ හයවැනි කාණ්ඩයේ XI, XII  හා XIII කොටස්

(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩයේ පළාත් පාලන ආයතන වැඩි දියුණු කිරීමේ ආංශික ව්‍යාපෘතියෙන් (පුරනැගුම) අපේක්ෂිත ප්‍රතිලාභ ලැබීමේ ප්‍රගතිය ඇගයීම සම්බන්ධ කාර්ය සාධන වාර්තාවේ - VIII කොටස  

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2022 වර්ෂය සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව
(ii)    2021 වර්ෂය සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම්
(iii)    2021 වර්ෂය සඳහා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන හා ගිණුම් වාර්තාව
(iv)    2021 වර්ෂය සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(v)    2021 වර්ෂය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(vi)    2021 වර්ෂය සඳහා කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන හා ගිණුම් වාර්තාව
(vii)     2021 වර්ෂය සඳහා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(viii)    2021 වර්ෂය සඳහා කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(ix)       2021 වර්ෂය සඳහා තාක්ෂණ අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(x)    2021 වර්ෂය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xi)    2017 වර්ෂය සඳහා හෝමියෝපති වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව
(xii)    2021 වර්ෂය සඳහා දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(xiii)    2018 වර්ෂය සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගමේ වාර්ෂික වාර්තාව
(xiv)    2021 වර්ෂය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

(xv)    2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වගන්තිය සමඟ කියවිය යුතු 29 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ජුනි 03 දිනැති අංක‍ 2282/59 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xvi)    2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 5, 7 සහ 8 වගන්ති සමඟ කියවිය යුතු 29 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ජුනි 03 දිනැති අංක‍ 2282/60 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xvii)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද  වාර්තාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලංකා ඛනිජ තෙල් ‍තොග ගබඩා පර්යන්ත සමාගම සම්බන්ධව සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා                    
(ii)    ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා                    
(iii)    ගරු තිස්ස අත්තනායක මහතා                    
(iv)    ගරු බුද්ධික පතිරණ මහතා                    
(v)    ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා                    
(vi)    ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා       
          
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය

ඡන්ද විමසීමක් (පක්ෂව 120; විරුද්ධව  63) පැවැත්වීමෙන් අනතුරුව සභාව විසින් අනුමත කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1735 ට 2022 අගෝස්තු මස 9 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.