2022 ජූලි මස 06 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-07-06

Print

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය සඳහා නව මන්ත්‍රීවරයෙක් පත් කිරීම
B : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2020 වර්ෂය සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන
(ii)         නවවැනි පාර්ලි‍මේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා 16 ක් පිහිටුවීම සඳහා ඉදිරිපත් කරනු ලබන යෝජනාව
(iii)    2021 වර්ෂය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv)         2021 වර්ෂය සඳහා ‍භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(v)        2021 වර්ෂය සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vi)         2021 වර්ෂය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vii)         2021 වර්ෂය සඳහා මුදල් අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(viii)         2021 වර්ෂය සඳහා වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(ix)         2021 වර්ෂය සඳහා ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(x)         2021 වර්ෂය සඳහා නීති කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xi)         2021 වර්ෂය සඳහා සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xii)         2021 වර්ෂය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xiii)         2021 වර්ෂය සඳහා රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xiv)         2021 වර්ෂය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(xv)    2021 වර්ෂය සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xvi)    2021 වර්ෂය සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(xvii)    2021 වර්ෂය සඳහා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(xviii)    2021 වර්ෂය සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xix)    2021 වර්ෂය සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම්.
(xx)    2021 වර්ෂය සඳහා රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ව‍ාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xxi)    2021 වර්ෂය සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(xxii)    2021 වර්ෂය සඳහා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(xxiii)    2021 වර්ෂය සඳහා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ගිණුම්
(xxiv)    2021 වර්ෂය සඳහා මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xxv)    2021 වර්ෂය සඳහා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xxvi)    2021 වර්ෂය සඳහා විදේශ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xxvii)    2021 වර්ෂය සඳහා ධීවර අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xxviii)    2021 වර්ෂය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xxix)    2021 වර්ෂය සඳහා ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශ‍යේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xxx)    2021 වර්ෂය සඳහා මහාමාර්ග අමාත්‍යාංශ‍යේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xxxi)    2021 වර්ෂය සඳහා ප්‍රවාහන අමාත්‍යාංශ‍යේ කාර්ය සාධන වාර්තාව
(xxxii)    2020 වර්ෂය සඳහා ජා‍තික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(xxxiii)    2021 වර්ෂය සඳහා ජා‍තික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xxxiv)    2021 වර්ෂය සඳහා  බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xxxv)    2021 වර්ෂය සඳහා සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් වතු ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(xxxvi)    2021 වර්ෂය සඳහා  වැවිලි අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(xxxvii)    2018 සහ 2019 වර්ෂ සඳහා  ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා
(xxxviii)    2021 වර්ෂය සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xxxix)    2021 වර්ෂය සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xl)    2021 වර්ෂය සඳහා ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xli)    2021 වර්ෂය සඳහා වාරිමාර්ග අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

(xlii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xliii)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද  වාර්තාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධව සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු එච්. එම්. එම්. හරීස් මහතා     
(ii)    ගරු ලොහාන් රත්වත්තේ මහතා                    
(iii)    ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලැබූ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-

(i)    ගරු දිලිප් වෙදආරච්චි මහතා
(ii)    ගරු විජිත හේරත් මහතා
(iii)    ගරු ලලිත් වර්ණ කුමාර මහතා
(iv)    ගරු ජයරත්න හේරත් මහතා

 

අමාත්‍යාංශ නිවේදන

අත්‍යා‍වශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනය හා සැපයුම සම්බන්ධයෙන් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය, ගරු නලින් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

මේ පනත අදාළ වන සෑම තැනැත්තකුගේ ම බද්දට යටත් පිරිවැටුම මත සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද යනුවෙන් හඳුන්වනු ලබන බද්දක් පැනවීම සහ රැස් කිරීම පිණිස ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ

“සමාජ ආරක්ෂණ දායකත්ව බදු”

නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතාට අවසර දෙන ලදී;

(i)    පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන)
(ii)    පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)
(iii)    පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධන)

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව විසින් අනුමත කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“රටේ වත්මන් තත්වය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1630 ට 2022 ජූලි මස 19 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.