2022 ජූලි මස 05 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-07-05 |
|
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2019 වර්ෂය සඳහා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(ii) 2020 සහ 2021 වර්ෂ සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා
(iii) 2021 වර්ෂය සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iv) 2021 වර්ෂය සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(v) 2021 වර්ෂය සඳහා බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vi) 2021 වර්ෂය සඳහා කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vii) 2021 වර්ෂය සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(viii) 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(ix) 2021 වර්ෂය සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(x) 2021 වර්ෂය සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xi) 2021 වර්ෂය සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(xii) 2021 වර්ෂය සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(xiii) 2021 වර්ෂය සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xiv) 2021 වර්ෂය සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xv) 2021 වර්ෂය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ගිණුම්
(xvi) 2021 වර්ෂය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(xvii) 2021 වර්ෂය සඳහා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ගිණුම්
(xviii) 2021 වර්ෂය සඳහා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම් වාර්තාව
(xix) 2021 වර්ෂය සඳහා පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(xx) 2020 වර්ෂය සඳහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(xxi) 2021 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xxii) 2021 වර්ෂය සඳහා විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xxiii) 2021 වර්ෂය සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xxiv) 2021 වර්ෂය සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(xxv) 2021 වර්ෂය සඳහා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(xxvi) 2021 වර්ෂය සඳහා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(xxvii) 2021 වර්ෂය සඳහා වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(xxviii) 2021 වර්ෂය සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(xxix) 2021 වර්ෂය සඳහා සමුපකාර සේවක කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xxx) 2021 වර්ෂය සඳහා ග්‍රාමීය හා පාසල් යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xxxi) 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2022 ජූලි 03 දිනැති අංක 2286/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
(xxxii) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සම්බන්ධව සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
අටවැනි පාර්ලිමේන්තුවේ 2016.09.01 සිට 2020.03.02 දක්වා වූ කාලසීමාව සඳහා මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ හත්වැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ජගත් පුෂ්පකුමාර මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු රංජිත් සියඹලාපිටිය මහතා
(ii) ගරු ජේ. සී. අලවතුවල මහතා
(iii) ගරු ජයන්ත සමරවීර මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අමාත්‍යාංශ නිවේදන
(i) රටේ වත්මන් ආර්ථික තත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
(ii) මැණික් කර්මාන්තයේ ගැටලු සම්බන්ධයෙන් 2022.10.06 දින ගරු වරුණ ලියනගේ මහතා විසින් සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න යටතේ අසන ලද ප්‍රශ්නයට වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍ය, ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා විසින් පිළිතුරු සපයන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 13 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) විදේශ විනිමය පනත යටතේ නියෝග
(ii) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක්
(iii) රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතය
(iv) විසර්ජන පනත යටතේ යෝජනා සම්මතය
(v) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හයක්
(vi) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක්
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු උදයකාන්ත ගුණතිලක මහතා
(ii) ගරු වේලු කුමාර් මහතා
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ඉන්ධන ගැටලු සහ බලශක්තීන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු උදයන කිරිඳිගොඩ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2022 ජූලි මස 6 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.